ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රටට ලැබෙන සියලු මුදල් යන්නේ ජනතාව අතට

    ජූනි 10, 2015
    දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නේ කොහේද කියා විමසන බවත් අපිට ඕනෑ තරම් මුදල් ලැබෙන අතර රටට ලැබෙන ඒ මුදල් සියල්ල කාගේවත් සාක්කුවලට නොයා ජනතාව අතට පමණක් යන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමිනි.
     
    රාජ්‍ය සේවක පඩි රුපියල් 10000ක්නි වැඩි කළා. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර භාණ්ඩ මිල අඩු කළා. සමෘ සමෘද්ධි සහනාධාරය 20%කින් වැඩිකළා. බැංකුවල තිබූ ස්වර්නාභරණ සඳහා පොළිය අඩු කළ අතර ගොවි ණය 50%කින් කපා හැරියා. තේ, පොල්, රබර් සඳහා සහතික මිල දෙමින් පවතිනවා. ඒ අනුව කොහොමද දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නේ යැයි අමාත්‍යවරයා ප්‍රශ්න නැගීය.
     
    පසුගිය ආණ්ඩුවෙන් එතනෝල් ලයිසන් 4000ක් පමණ නිකුත් කර තියෙනවා. අපි දැනට දී ඇති ලයිසන් දේශපාලන වශයෙන් ලබා දුන් ඒවා නොවෙයි. 2014 නොවැම්බර් සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 3200ක් උපයා තිබූ අතර 2015 මාර්තු වෙනකොට ඒ මුදල රුපියල් මිලයන 9000ක් දක්වා වැඩි වී තියෙනවා. එතනෝල් කන්ටේනර්  03ක් රේගුවෙන් ගේන්න හැදුවා. ඒවාට දඩ ගුහුවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කවුරුවත් මේවාට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ නිසා 300%කින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කරන්න හැකි වී තියෙනවා.
     
    තඹ සතයක් බදු වැඩි කරන්නේ නැතුව මේ රටට මුදල් හොයන්න හැකි වී තියෙනවා. අය වැය හිගය තවමත් ස්ථාවර මට්ටමක 4.6%ක තියාගෙන යනවා. දින 100 වැඩපිළිවෙළ සපුරා තියෙනවා. ඒවා ගැන බොරු ප්‍රචාර කරන්න එපා. තව වැඩ දෙක තුනක් පමණයි කළ යුත්තේ. 20 සම්මත වුණ පසු ඒවාත් කරනවා යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya