ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මානව හිමිකම්, යුද අපරාධ සොයා බැලෙන ශ්‍රී ලාංකේය යාන්ත්‍රණයක්

    ජූනි 12, 2015

    මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට දේශීය යාන්ත්‍රණයක් ඇති කරන බවට ලබා දුන් ‍පොරොන්දුව දැන් ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    දින 100 වැඩපිළිවෙළෙ හි 93 වෙනි වගන්තියේ සඳහන් කර ඇති පරිදි ලංකාවට එරෙහි ව ජාත්‍යන්තර මැදිහත්වීමක් දෙන්නේ නැති බව ප්‍රකාශ කළා. දැන් එය ක්‍රියාත්මකයි. විවිධ රටවල විවිධ යාන්ත්‍රණ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ යාන්ත්‍රණයක් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. සැප්තැම්බර් මසට ප්‍රථම අදාළ යාන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශ කළ හැකි බව අමාත්‍යවරයා කීවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට දේශීය යාන්ත්‍රණයක් ඇති කරන්නේ කවදාද යන්න විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya