ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොතලාවල විශ්වවිද්‍යාලයේ අභිනව චෛත්‍ය රාජයාණන්ගේ කොත නිරාවරණය කෙරේ

    ජූනි 17, 2015
    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.
     
    මෙම උත්සවයට එක් වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේට ප්‍රථම මල් පහන් පූජාව ද පැවැත්වීය. 
     
    සියම් මහා නිකායේ කෝටිටේ පාර්ශවයේ අනුනායක බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ විසින් 2014 ඔක්තෝබර් මස 11 වන දින මුල් ගල තබන ලද මෙම  චෛත්‍ය රාජයාණන් වහන්සේ වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්‍ෂ මැතිතුමාගේ හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අතර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු නිධානෝත්සවය මැයි 28 දින උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය කරු ජයසූරිය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් රොහාන් දලුවත්ත, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගී වී සිටියහ.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya