ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඒඩ්ස් රෝග නිවාරණයට විස්මිත ඔසුවක් හඳුන්වා දී ලොවෙන් පිදුම් ලද නාලන්දා විද්‍යාලීය සිසුවාට ජනාපතිගෙන් උපහාර

    ජූනි 18, 2015
    මාරාන්තික ඒඩ්ස් රෝග නිවාරණය උදෙසා ඔසුවක් නිපදවා ජාත්‍යන්තරයෙන් පිදුම් ලද කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ශාන් මාලේවන ශිෂ්‍යයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) සිය උපහාරය පුද කළේය.
     
    පසුගියදා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පැවති අන්තර්ජාතික විද්‍යා පර්යේක්ෂකයන්ගේ ඔලිම්පියාඩ් තරගයට රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා නැනෝ තාක්ෂණය භාවිත කරමින් ඒඩ්ස් රෝග නිවාරණය සඳහා නිපද වූ ඖෂධය විද්‍යාඥයන්ගේ මහත් සැලකිල්ලටත් පැසසුමටත් ලක්විය.
     
    තරගයේ ජයග්‍රහකයන්ට පිරිනැමෙන රන් පදක්කම් හතරෙන් පදක්කම් 2ක් හිමි කරගැනීමට රඛිත දිල්ෂාන් සමඟ තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු සමත් වූහ.
     
    අද උදෑසන ජනපති නිල නිවසේදී රඛිත දිල්ෂාන් ශිෂ්‍යයා ජනාධිපතිතුමා හමුවිය. ඒ සිසුවාගේ දක්ෂතාව මහත් සේ අගය කළ ජනාධිපතිතුමා ඒඩ්ස් නිවාරණ ඖෂධය පිළිබඳ වැඩිදුර පර්යේෂණ කිරීමට කොතලාවල ආරක්ෂක පීඨයට පිවිසිය හැකි බවත් ඒ සඳහා සියලු ආධාර උපකාර කිරීමට තමාත් රජයත් කටයුතු කරන බවත් පැවසීය.
     
    "ඔබ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් දරුවෙකි" ඔබගේ හැකියාව හා දක්ෂතාවට ජාත්‍යන්තර තලයේ ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.මෙහිදි ජනාධිපතිතුමන් රඛිත දිල්ෂාන් සිසුවාට සමරු තිළිණයක්ද පිරිනැමීය.
     
     
    ( ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya