ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවයට වැඩි මුදලක්

    ජූනි 19, 2015
    මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින මාර්ග සංවර්ධන ව්‍යාපෘති මෙන් ම ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති ද අවසන් කිරීමට කටයුතු කරන අතර ම නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් යෙදවීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අධ්‍යාපනය සහ සෞඛ්‍ය රටේ බොහෝ ප්‍රදේශවල බොහෝ දුරට අඩපන වී තිබෙන අතර සෑම තැනක ම ජාත්‍යන්තර පාසල් ආරම්භ වෙමින් පවතින බවත් පෙන්වා දුනි.
     
    රටේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් දිසාපතිවරුන් ඇතුළු රජයේ නිලධාරීන් සමග ඊයේ (18) කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
     
    "දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද ඇතැම් අවස්ථාවල දී අපට මුදල් නොතිබූ අතර පැවැති ආණ්ඩුව ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් නොමැතිව රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබීම ද විශාල ප්‍රශ්නයක් වුණා. ඊට අමතරව රට පුරා මාර්ග 28ක් ඉදිකිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් කෝටි 5500න් කෝටි 2800ක් ම වියදම් කර තිබුණේ මාර්ග ඉදිකිරීමට නොව, වෙනත් වියදම් පියවීම සඳහායි. ඒ හේතුවෙන් මුදල් අර්බුදයක් යළිත් ඇති වූ නමුත් දින 100 වැඩසටහන කෙසේ හෝ සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව ඒ අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කිරීම කෙරෙහි ද අපේ විශේෂ අවධානය අප මේ වන විට යොමු කර තිබෙනවා". 
     
    "අප මුදල් ලබා දෙන්නේ මේ අවිච්ඡේද මාර්ගවල ඉදිකිරීම් කටයුතු වහාම අවසන් කිරීම සඳහායි. මේ මුදල් අප ලබා දෙන්නේ මේ අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කිරීමට වන නිසා පරණ බිල් ගෙවීම සඳහා මේ මුදල් කිසිසේත් නොයෙදවිය යුතුයි. පරණ පව් ගෙවීම පසෙක තබා මේ මුදල්වලින් අවිච්ඡේද මාර්ගවල වැඩ කටයුතු අවසන් කළ යුතුයි. මේ අවිච්ඡේද මාර්ග වැඩ කටයුතු අවසන් කළාට පසුව 2014 සහ 2015 ආරම්භ කළ වැඩසටහන් ද අප අවසන් කරනවා". 
     
    "ඊට පසුව ආණ්ඩුවට තිබෙන්නේ පරණ බිල්පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට වන අතර ඒ වෙනුවෙන් ද අප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනවා. මේ සියල්ල එකට මිශ්‍ර කර ගතහොත් මාර්ග ඉදිකිරීමේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වන නිසා ග්‍රාමීය මාර්ග ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට අප ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි". 
     
    "එම නිසා ඉදිකිරීම් කටයුතු කරන අතරම විශ්ව විද්‍යාලවලට වැඩිපුර මුදල් යොදවනවා වගේම ගමේ ආර්ථිකය ගොඩනගමින් ගමේ පාර ඉදිකර වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අප ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම වැඩිහිටියන් වෙනුවෙන් ගෙවන දීමනා සඳහා ද මේ වන විට අප අවශ්‍ය මුදල් සොයා ගෙන ඒ වෙනුවෙන් යොදවා තිබෙනවා. යම් ක්‍රමවේදයකට සහ ඇස්තමේන්තුවකට අනුව මේ යල කන්නයේ වී මිලදී ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම මහ කන්නයේ දී වී මිලදී ගැනීමේ ක්‍රමවේදයත් සකස් කරමින් සිටිනවා. වී මිලදී ගැනීම සඳහා වන මේ විධිමත් සහ නව ක්‍රමවේදය ක්‍රමානුකූලව සකස් කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඊළඟ යල කන්නය වන විට වී මිලදී ගැනීම සඳහා වන මේ විධිමත් සහ නව ක්‍රමවේදය හඳුන්වාදීමට අප කටයුතු කරනවා". 
     
    "මහ මැතිවරණයෙන් පසුව රට පුරා සුවිශාල සංවර්ධනයක් සීඝ්‍රයෙන් ආරම්භ කිරීමට අප සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රධානත ම යාන්ත්‍රණය වන්නේ දිස්ත්‍රික්කය වන අතර ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සැලසුම් අධ්‍යක්‍ෂකවරුන් ඇතුලු කණ්ඩායමට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ද මම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. සියලු ම 
    මහජන නියෝජිතයන් ද සම්බන්ධ කර ගෙන මේ මහා සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයෙනුයි. මේ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තවත් අදහස් සහ යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අප අවසන් තීරණයක් තවම ගෙන නැහැ. බිම් මට්ටමේ සිටින නිලධාරීන් කාර්යාල කාමරවලට සීමා නොකර බිම් මට්ටමේ ඒ ඒ වැඩ කටයුතු සඳහා යෙදවිය යුතු යැයි අදහසක් 
    තිබෙනවා. දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග 1977 දී වැඩ කටයුතු කරද්දී අප ඒ සියල්ල කළේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහායි". 
     
    දළ දේශීය නිෂ්පාදනයෙන් 45% ට වැඩි ප්‍රමාණයක දායකත්වයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබෙන විට මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වල දල දේශීය නිෂ්පාදනයෙන් 80% ක් තිබෙන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්කය ගතහොත් මුදල් තිබෙන්නේ කුරුණෑගල නගරය සහ කුලියාපිටිය නගරය එකට එකතු කර ඉරක් ගැසුවොත් ඊට උතුරු පැත්තේ නොව, දකුණු පැත්තේ බවත් වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya