ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ල.නි.ප තරුණ පෙරමුණේ විශේෂ වැඩමුළුවක්

    ජූනි 22, 2015

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විශේෂ වැඩමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    තරණයින් ස්වාධීනව පක්ෂ සංවිධාන ව්‍යුහය පිළිබඳ කතා කළ යුතුය. විවේචන කළ යුතුයි. නමුත් එම විවේචන ඉතා සාධාරණ අවංක විවේචන විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විශේෂ වැඩමුළුවට එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලූදෙනා පක්ෂයේ ප්‍රතිපත්ති සමග අවංකව වැඩ කරනවානම් පක්ෂයෙත්, සාමාජිකත්වයේත් අනාගතය සුබ වන බවයි.

    ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහි කිරීමට නම් ගම් මට්ටමින් සියලුදෙනා දෙනා සංවිධානය කළ යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු දෙනාගේ අදහස් හා විවේචන ඉතා වැදගත් බව ද ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya