ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සුළු පක්ෂවලට මේ ඡන්ද ක්‍රමයෙන් අවාසියක් නැහැ

    ජූනි 24, 2015
    සුළු පක්ෂවලට මේ ඡන්ද ක්‍රමයෙන් අවාසියක් වෙන්නේ නැති බවත් මේ ඡන්ද ක්‍රමයට අපි විරුද්ධ වෙන්නේ නැතිව සම්මත කර ගනිමු යැයි ග්‍රාමීය කටයුතු  අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මැතිවරණ ක්‍රමය පිළිබඳ ඊයේ (23) ආරම්භ කරන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දින විවාදයට එක්වෙමිනි.
     
    මේ රටේ මිනිස්සු, දේශපාලඥයන් අලුත් මැතිවරණ ක්‍රමයක් ඉල්ලුවා, මනාප පොරය නැති කරන ඡන්ද ක්‍රමයක්. සල්ලි විසිකර මැතිවරණ ජාවාරමක් කරන, ජාතිවාදය, ආගම්වාදය නැති කරන ඡන්ද ක්‍රමයක්. ප්‍රදේශවාදය අවුසන්නේ නැති ඡන්ද ක්‍රමයක්. කුලවාදය නැති ඡන්ද ක්‍රමයක්. සියලු දෙනාම අලුත් ඡන්ද ක්‍රමය හදන විට සුළු ජාතීන්ට අසාධාරණයක් නොවන ඡන්ද ක්‍රමයක් හදන්න කටයුතු කරනවා.
     
    මේ අලුත් මැතිවරණ ක්‍රමය කැබිනට් එකට ඉදිරිපත් කළේ ජනාධිපතිතුමායි. සුළු ජාතිකයන්ට, ආගමික නායකයන්ට, අසාධාරණයක් වෙනවා ද යන්න සොයා බැලුවා. අපි කියන්නේ මේ යෝජිත ක්‍රමය තුළ සුළු ජාතීන්ට හෝ සුළු පක්ෂවලට අසාධාරණයක් වෙන්නේ නැහැ.දින 100යේත් නව ඡන්ද ක්‍රමයක් ගෙනෙන වැඩපිළිවෙළ ගැන සඳහන් කර තියෙනවා. මේ ක්‍රමය ගැන විවේචනය කිරීම ඉතා හොඳයි. සුළු ජාතික පක්ෂවලට බිය නැති වෙන්නේ සීමා නිර්ණය කොමිසම් සභාව විසින් ආසන තීරණ කළාට පස්සේ. සුළු ජාතික පක්ෂවල ආසනවල නියෝජනය අඩු නොවන පරිදි මෙය සිදු කරනවා. ඉන්දියාව වැනි රටක භාෂා 738ක් තියෙනවා. මේ මනාප ඡන්ද ක්‍රමය එහි තිබුණොත් කුමක්වෙයිද? එහෙම වුණොත් ඉන්දියාවේ කල්ලි, කණ්ඩායම් කොපමණ තියෙයිද? මේ ඡන්ද ක්‍රමයට අපි විරුද්ධ වෙන්නේ නැතිව සම්මත කර ගනිමු. එක්සත් ජාතික පක්ෂයට මෙන් ම අපටත් අවශ්‍ය එය බවත් මේ මනාප ක්‍රමය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya