ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා

    ජූනි 25, 2015

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපට හැකියාව තිබෙන අතර ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා අප අපේ අසල්වැසි රටවල් සමග මිත්‍රත්වයෙන් වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

     

    ලෝකයේ ප්‍රධාන වෙළෙඳපොළ තවමත් පවතින්නේ අමෙරිකාව සහ යුරෝපය සතුව බවත් චීනය සහ ඉන්දියාව යන්නේ ද ඒ වෙළෙඳපොළට වන නිසා අපත් ඒ වෙළෙඳපොලට ඇතුළුව ඒ අය සමඟ තරග කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු අතර අපේ භාණ්ඩ සහ සේවා අමෙරිකානු සහ යුරෝපා වෙළෙඳපොලේ අලෙවි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අප කරුණු සොයා බැලිය යුතුව තිබෙන බවත් ඔහු කියා සිටියි.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ රේගුව ආදී ආයතනවල සේවය සඳහා පත්වීම් ලිපි ලබා දීම වෙනුවෙන් ඊයේ (24) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමිනි.

     

    සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජාතීන්ට අයත් තරුණ තරුණියන් මේ මොහොතේ රජයේ බැංකු සහ රේගුවේ පත්වීම් ලබා ගන්නා අතර උතුරේ ද්‍රවිඩ තරුණ තරුණියන්ට මේ අවස්ථාව ඉතාම විශේෂ වන අතර මේ අවස්ථාවේ දී මෙම පිරිස රැකියා සඳහා පත්වීම් ලබා ගන්නා විට රැකියා බලාපොරොත්තු වන තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ රජය නව රැකියා බිහි කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණත් ඒ කිසිවක් සිදු වුණේ නැතැයි ඒ මහතා වැඩිදුරටත් කරුණු පැවසීය.

     

    තවදුරටත් සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    “එම නිසා ඉදිරි අවුරුදු 5 ඇතුළත දී නව රැකියා දස ලක්‍ෂයක් ඇති කිරීමට අප මේ වන විට සියලූ කටයුතු යොදා ඇති අතර මේ සම්බන්ධයෙන් රටත්, ජනතාවත් දැනුම්වත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන් දස ලක්‍ෂයකට ඒ අයගේ අනාගතය ගැන විශ්වාසයක් ඇති කිරීම අපේ අරමුණයි. ඒ අනුව මේ නව රැකියා දස ලක්‍ෂය රාජ්‍ය, පුද්ගලික අංශය, ස්වයං රැකියා, කාර්මික නිෂ්පාදන, සේවා අංශ, සංචාරක ව්‍යාපාරය සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එසේම අධික ගෙවීමකින් තොරව සාධාරණ මුදලකට මිල දී ගත හැකි නිවාස ඉදිකිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. මට අවශ්‍ය වන්නේ මේ රටේ තරුණ තරුණියන් ඇතුලූ සමස්ථ ජනතාවට යහපත් දිවි පෙවතක් ගත කිරීමේ අවස්ථාව ලබාදීමටයි.“ යැයි ද ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya