ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තහනම් උත්තේජක භාවිතය පාසල් ක්‍රීඩාවේ විනයගරුක බව කෙරෙහි බලපානවා

    ජූනි 25, 2015
    ජාතික මට්ටමින් පමණක් නොව පාසල් මට්ටමෙනුත් තහනම් උත්තේජක භාවිතය යොදා ගන්නා බවත් මෙය පාසල් ක්‍රීඩාවේ විනයගරුක බව කෙරෙහි බලපාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අද (25) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ යෝජනාව සභාවට ඉදිරිපත් කරමිනි.

    විශේෂයෙන් ම ශක්තිජනත පාන වර්ග පිළිබඳ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙනවා. වෙළෙඳ නියෝජිතයන් දැනුවත් කිරීම නිසා පාසල් දරුවන් මේවා භාවිත කරන්න පුරුදු වීම පාසල් ක්‍රීඩාව කෙරහි ගැටලුවක් වී තියෙනවා. තහනම් උත්තේජක භාවිත කිරීම දරුවාගේ ක්‍රීඩා කෞෂල්‍යය කෙ‍රෙහි ඉදිරියට බලපානවා. මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ සඳහා නව නීතියක් ගෙන ආ යුතුයි. 
     
    යුරෝපා රටවලින් මේ රටට පැමිණෙන අය ශක්තිජනක පාන හා බෙහෙත් ඖෂධ නිතීවිරෝධීව මේ රටට ගෙන එන නිසා ඒවා සොයා ගන්න විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. විශේෂයෙන් පාසල් මට්ටමින් මෙය ක්‍රියාත්මක කළ යුතු අතර මේ නිසා ආසියානු මට්ටමින් අපට බැරි වෙලා තියෙනවා විශේෂ ජයග්‍රහණ ලබා ගන්න. ඊට එක් හේතුවක් වන්නේ පාසල් දරුවන් තහනම් ද්‍රව්‍යවලට යොමු වීමයි. අපි කොතරම් පනත් ගෙනාවත් ඒවා තනර කරන්න බැරිවෙලා තියෙනවා. මේ රටේ ක්‍රීඩාව, දරුවන්ගේ අනාගතය, මානසික ඒකාග්‍රතාව රැකගන්න ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. විශාල ව්‍යවසනයක් බවට පත්ව ඇති මේ තහනම් ද්‍රව්‍ය භාවිතය නතර කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya