ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොලොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටු නියෝජිත හමුවට එක්වෙමිනි.
ව්‍යාපෘතියේ මුල් වසර 02 තුළ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය, සෞඛය හා පානීය ජලය පිළිබද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම නගරයෙන් බැහැර ග්‍රාමීය පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් පොලොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙන් පාසල් 07ක් තෝරාගෙන ඒවායේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශේෂ ප්‍රමුඛතාවන් ලබා දිය යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්. සමරතුංග, නාගරික සංවර්ධන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් කේ. හෙට්ටිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහත්වරු, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කයේ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
NDH/ ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය