මෙම විවෘත කිරීමට සහභාගී වූ ජනාධිපතිතුමා, එහි වැඩම කර සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමිපාණන් වහන්සේ හා විහාරාධිපති පූජ්‍යපාද හේනේපොළ ධම්මවංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති පූජ්‍යපාද හේනේපොළ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර මේ සඳහා දරන ලද වියදම රුපියල් ලක්ෂ 60කි.
මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය ද හිටපු මැති ඇමතිවරු හා ගම්වාසී බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
NDH



















