ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති අනගාරික ධර්මපාල සතියේ සමාරම්භක උත්සවයට එක් වෙයි

    සැප්තැම්බර් 14, 2015

    අනගාරික ධර්මපාලතුමාගේ 151වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සතියේ  සමාරම්භක උත්සවය අද (14) පෙරවරුවේ පන්නිපිටිය  ධර්මපාල විද්‍යාලයේදී පැවැත්විණි.

    ධර්මපාල විද්‍යාලයීය සිසු සිසුවියන් විසින් ජනාධිපතිතුමා පිළිගෙන උත්සව භූමියට කැදවාගෙන ගිය අතර විද්‍යාල භූමියේ පිහිටි ධර්මපාල පිළිරුවට ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වීය.

     

    ධර්මපාලතුමා විසින් කරන ලද ප්‍රකාශයක් ඇතුලත් කරමින් විද්‍යාල භූමියේ ඉදිකළ ඵලකය, ජනාධිපතිතුමා විසින් විවෘත කළ පසුව වැඩසටහනේ සමරුවක් ලෙස ධර්මපාල විද්‍යාල භූමියේ බක් මී පැලයක් රෝපණය කිරීම ද සිදු කරන ලදී.

     

    ධර්මපාල දින සමරුම වෙන්වෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී තැපැල් ඇමති අබ්දුල් හලීම් මොහොමඩ් විසින් ජනාධිපතිතුමාට පිළිගැන්වීය. ජනාධිපතිතුමා  ධර්මපාලතුමාගේ ආලේඛ්‍ය මූර්තිය වෙත මල්දමක් පැළඳවීය. ධර්මපාලතුමාගේ ලිපි ඇතුලත්  " දැනගතයුතු කරුණු " ග්‍රන්ථයේ පිටපත් පාසල් වෙත ඛෙදා දීම සංකේතවත් කරමින් විදුහල් පහක විදුහල්පතිවරුන් වෙත පොත් පිරිනැමීම ද ජනපති අතින් සිදුකෙරිණි.

     

    සැමරුම් උළෙලේ විශේෂ දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි විසින් සිදු කරන ලද අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, තැපැල් හා තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂිම්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන යන මහත්වරුන්ද විදුහල්පති කේ.ජී. විමලසේන මහතා  ඇතුළු අචාර්ය මණ්ඩලය දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya