ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අන්තර්ජාතික ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 16, 2015

    මොරටුව ලංකා ජර්මාණු  කාර්මික අභ්‍යාස ආයතනයේ අද (16)  පැවති අන්තර්ජාතික ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    එහිදී ශ්‍රි ලංකාව තුළ ස්ථාපිත පළමු ශීතකාරක පවිත්‍රකරණ මධ්‍යස්ථානය ජනාධිපතිතුමා විවෘත කළ අතර එතුමා විසින් පරිසර හිතකාමී ලෙස ශීතකාරක පවිත්‍ර කිරිමේ ක්‍රියාවලිය පරීක්ෂා කරනු ලැබීය.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සංවිධානය කළ සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජයග්‍රාකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම ද ජනපති අතින් සිදු කෙරුණි.

     

    ශ්‍රී ලංකාව තුළ ශිතකාරක පවිත්‍රකරණ මධ්‍යස්ථාන 8 ක් දීප ව්‍යාප්තව පිහිටුවීම සංකේතවත් කරමින් පළමු මධ්‍යස්ථානය ලංකා ජර්මාණු කාර්මික ආයතනයේ ස්ථාපිත කිරීම පිළිබඳව සහතිකය ජනාධිපතිතුමා විසින් නිපුණතා සංවර්ධන සහ වෘත්තීව පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙත පිරිනැමීය.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ලංකා ජර්මාණු කාර්මික ආයතනයේ ළමුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

     

    එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනේ නන්දි මහතා ද නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න  ඇතුළු  මහත්වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට  සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya