ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ප‍්‍රබුද්ධ ජාතියක් ලෙස නැඟී සිටීමට අවස්ථාව උදා කරනවා

    සැප්තැම්බර් 18, 2015
    ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින රජයක් ලෙස අපේකමට සහ අපේ උරුමයන්වලට වැඩි වටිනාකමක් ලබාදෙමින් ලෝකය හමුවේ ප‍්‍රබුද්ධ ජාතියක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව උදා කර දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ඊයේ (17) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී  සංවිධානය කොට තිබූ ප‍්‍රධාන සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
     
    ජීවිතවල වටිනාකම රුපියල් ශතවලින් මනින තරමට සමාජය පිරිහී ඇති යුගයක යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය වඩ වඩාත් සමාජය තුළට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    “දෙස, බස, රැස, සසුන සුරකින ධර්මපාල පරපුරක් හදමු, මැයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනගිභවනීය මෙහෙවර අගයමින් පුරා සතියක් තුළ පැවති 151 වන ජන්ම දින සැමරුම් උත්සව මාලාවේ ප‍්‍රධාන ජාතික උත්සවය මෙලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ශ්‍රීමත් අනගාරික ධර්මපාල සමරු දේශනය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර මහතා විසින් සිදු කළේය.
     
    ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කතානායක කරු ජයසූරිය මහතා සහ මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.
     
    DB/PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya