ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අතීතයේ සිදු වූ වැරදි නැවතත් කරන්නට අපි සූදානම් නැහැ - අගමැති

    සැප්තැම්බර් 22, 2015

    අතීතයේ සිදු වූ වැරදි නැවතත් කරන්නට අපි සූදානම් නැති බවත් සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එක් සම්මුතියකට පැමිණ ප්‍රශ්න විසඳන්නට අදහස් කරන බවත් ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සා ප්‍රශ්නවලට විසදුම් සොයා ගන්නට බැරි බවත් ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අද (22) පාර්ලිමේන්තුවේ දී ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත්  කිරීමේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    ජාත්‍යන්තරයෙන් එල්ල වෙන මෙම මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්නය අපේ අනාගත පරම්පරාවලට බාරදෙන්නට සූදානම් නැති බවත් මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සියලු දෙනාටම එකඟ විය හැකි විසදුමක් කරා යොමුවීම රජයේ අරමුණ බවත් මේ තමයි අපි අපේ අනාගත පරම්පරාවට දිය හැකි හොඳම තෑග්ග බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

     

    සියලු ජනතාවට බාධාවකින් තොරව ජීවත් වීමට අවශ්‍ය රටක් නිර්මාණය කිරීම රජයේ වගකීමෙ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කිසිදු ජන කොටසක් අසාධාරණ ලෙස පීඩනයට ලක් නොවන සමාජයක් අපි ගොඩනැංවිය යුතුයි යනුවෙන් ද පවසා සිටියේය.

     

    අමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් රටවල් සමඟ එක්ව ශ්‍රී ලංකාවට හිතකර යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යන බවත් ඊළග පාර්ලිමේන්තු වාරය රැස් වන විට අමෙරිකානු යෝජනාව කුමක්දැයි දැනගෙන සිටිනු ඇති බවත් පැවසූ වික්‍රමසිංහ මහතා ඊට අදාළ අනෙකුත් වාර්තාවන් ද සැළකිල්ලට ගනිමින් කථානායකතුමා සමඟ සාකච්ඡා කර දිනයක් යොදා ගෙන මේ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට පුලුවන් යැයි ද කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya