ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් කරන ලද සිවිල් නියෝජිතයන් තිදෙනාට අනුමැතිය

    සැප්තැම්බර් 22, 2015

    ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් කරන ලද සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් අනුමැතිය සඳහා අද (22)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය ලැබී තිබේ.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජන කරන සිවිල් සාමාජිකයින් ලෙස ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන අයගේ නම් යෝජනා වී තිබුණි.

     

    මේ පිළිබඳව වූ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එනු ලබු අතර පාර්ලිමේන්තුවට සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    '' ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ( ආ) ව්‍යවස්ථාවේ   (1) අනු ව්‍යවස්ථාවේ ( ඉ ) ජේදය සහ (4) සහ (5) අනු ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පාර්ශවයේ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ පහත සඳහන් තැනැත්තන් නම් කරනු ලැබීම අනුමත කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya