ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි

    සැප්තැම්බර් 24, 2015

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සඳහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ නිව්යෝක් නුවරට ළගා විය.

    හෙට (25) දිනයෙන් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ සමාරම්භක උත්සවයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇත.

    සිය නිල සංචාරය අතරතුර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (25) දිනයේදී ද්විපාර්ශවීය සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව ස්ව්ට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් (Didier Burkhalter) මහතා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජාකෝබ් සූමා (Jacob Zuma) මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

    එමෙන්ම හෙට (25) ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ (Peter Maurer) මහතා සමඟ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

    මේ අතර ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නවසීලන්ත සහ පකිස්තානු විදේශ අමාත්‍යවරුන් සමඟ හෙට (25) සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය තුළ ”හැත්තෑවන වසර සපුරන එක්සත් ජාතීන් : සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මඟ” යන තේමාව යටතේ රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතව ඇත.

    වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාත් නිවියෝක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා නවාතැන් ගැනීමට නියමිත හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    kpm/pmd

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya