ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හානිය තවදුරටත් අධ්‍යයනය කරනවා- අමාත්‍ය රාවුෆ් හකීම්

    ඔක්තෝබර් 07, 2015

    කැලණි ගඟේ ජලය සම්බන්ධයෙන් සහතිකයක් ලබාදිය හැකි බවත් මේ සිද්ධියෙන් පරිසරයට සිදු වී ඇති හානිය තවදුරටත් අධ්‍යනයනය කරමින් සිටින බවත් අධිකරණ තීරණයෙන් පසු ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසී ය.


    බීම සමාගමක් හේතුවෙන් කැලණි ගඟේ ජලය අපවිත්‍රවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ(06) පාර්ලිමේන්තුවේ දී  ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කරන ලද ප්‍රකාශයට පිළිතුරු දෙමින්  නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද(07)  පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.


    මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා, කැලණි ගඟ ආශ්‍රිතව පවතින මහා පරිමාණ කර්මාන්ත ශාලා පිළිබඳ පසුවිපරම් සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය සකස් කර ඇති බවත් ඒ
    සම්බන්ධයෙන් කටයුතු සිදු කර තිබෙන බවත් ජාතික ජලාපවාහන මණ්ඩලය ද ඒ සඳහා සහාය ලබාදෙන බව පැවසී ය.

     

    මේ සම්බන්ධයෙන් 2015-8-17 දින පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා,අධිකරණ තීරයෙන් පසුව ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya