ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ නිදහසට බාධා වීමට ඉඩ දෙන්නේ නෑ

    ඔක්තෝබර් 07, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීමේ නිදහස ලබාදෙන බවත් එයට බාධා වීමට ඉඩ නොතන බවත් එහෙත් තිබෙන සම්ප්‍රදායන් අනුගමනය කිරීමට තමාට සිදුවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විවාදවලදි කාලය වෙන් කිරීම,කාරක සභාවල නියෝජනය පිළිබඳ ප්‍රශ්න,කලින් පූවාදර්ශ අනුව පක්ෂවලට කලින් තිබූ හිමිකම් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කතානායකවරයාගේ අවධානය යොමු කිරීමෙන් පසුව ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසී ය.

     

    සම්ප්‍රදායන් තිබෙනව අනුගමනය කරන්න.පක්ෂනායකයන්ගේ අනුමතිය විමසලා,ඔබගේ අඳහස් විමසලා,අපි තීරණයක් ලබා දෙනවා
    මේ සතිය තුළ.ඔබතුමන්ලාට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නෑ.කතා කිරීමේ නිදහස් මා පිළිගන්නවා.කතා කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි''යැයි කතානායකවරයා පැවසී ය.

     

    ''මේ ප්‍රශ්නය පුන පුනා කතා කිරීම සාධාරණ නැහැ. ඔබතුමා මීට පෙර මේ පිළිබඳ තීන්දුවක් ලබාදී තිබෙනවා. පක්ෂ ඇතුළේ ඇති පක්ෂ අපි පිළිගන්නේ නැහැ ''යැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී පැවසී ය.

    ආණ්ඩු පක්ෂයේ හිටියේ අපි පක්ෂ ගණනාවක් ලෙස බවත් ආණ්ඩු පක්ෂය තුළත් පක්ෂ නායකයින් පිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී
    වාසුදේව නානායක්කාර මහතා පැවසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ,මේ ප්‍රශ්නය බොහොම
    ප්‍රවේශමෙන් නිරාකරණය කරන්න ඔබතුමාට පුළුවන් බවය.සැබැ විපක්ෂය නිහඩ කරන්න උත්සහ කරනවා යැයි මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් කතානායකවරයා පවසා සිටියේ,එහෙම දෙයක් නෑ.එහෙම කිසිම උත්සහයක් නැත යන්නයි.

    ''ඔබතුමන්ලාට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නෑ.කතා කිරීමේ නිදහස් මා පිළිගන්නවා.කතා කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි.
    කතා කිරීමේ නිදහස ලබාදෙන්නම්.එයට බාධා වෙන්න ඉඩ දෙන්නේ නෑ.නමුත් සම්ප්‍රදායන් තිබෙනවා.සම්ප්‍රදායන් අනුගමනය කරන්න මට සිදු වෙනවා'' යැයි කතානායකවරයා තවදුරටත් පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya