ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති කොත්මලේ මහවැලි මහ සෑය වැඳපුදා ගනී

    ඔක්තෝබර් 12, 2015


    පළමු වරට මෙරට රාජ්‍ය නායකයෙකු මහවැලි මහ සෑය වැඳපුදා ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (11) කොත්මලේ පිහිටි මහවැලි මහ සෑය වැදපුදා ගැනීමට එක්විය.

    කොත්මලේ ඊයේ පැවති ”වන රෝපා” රුක් රෝපණ ජාතික වැඩසටහනෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙසේ මහවැලි මහසෑය වැඳපුදා ගත්තේය.

    මහවැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ ජනපතිතුමා එම විහාරස්ථ දහම් පාසල් දරු දැරියන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.

    දහම් පාසල් දරු දැරියන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා විහාරස්ථානයේ කෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබදව ද නිරීක්ෂණය කළේය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් කොත්මලේ ජලාශයේ නීරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya