ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2015
    මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ඊයේ (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. 
     
    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා නව ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ඉන් අනතුරුව නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරෙනු පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    රෝහලේ ළමා වාට්ටුව සඳහා රෝගී ජෛව ලක්ෂණ පිරික්සුම් යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර එම අවස්ථාවේ දී ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණ ද ප්‍රදානය කළේය. 
     
    මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිසාන් ජයසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya