ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අද ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ හෙට දවසේ දරුවන් වෙනුවෙන් හොඳ රටක් ගොඩනැගීමයි

    ඔක්තෝබර් 13, 2015

    නව රජයේ අද දවසේ ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ හෙට දවසේ දරුවන් වෙනුවෙන් හොඳ රටක් ගොඩනැගීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති 2015 සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමිනි.

     

    රටේ සියලුම දරුවන්ට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි සියලු දොරටු විවර කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

     

    රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා පසුගිය දශක කිහිපයට වඩා එළැඹෙන වසරේ අය වැය තුළින් වැඩි මුදලක් වෙන් කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

     

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට නව රජය යටතේ සිදුවෙමින් පවතින අතර රජය ලබාදෙන මෙම සම්පත්වල උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් රටට වැඩදායී ගුණවත් මෙන්ම නැණවත් දරු පිරිසක් ගොඩනැගීමට කැපවීම විදුහල්පතිවරුන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ වගකීම බවද එතුමා කියා සිටියේය.

     

    2015 සමස්ත ලංකා පාසැල් ක්‍රිඩා උළෙලට සහභාගී වූ ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත් අතර ජාතික ශිෂ්‍ය භට බලකායේ 19 වන බලඇණිය විසින් ජනාධිපතිතුමා වෙත සම්මාන උත්තමාචාර පිළිගැන්වීය.

     

    2015 සමස්ත ලංකා පාසැල් ක්‍රිඩා උළෙලේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපතිතුමා එක් විය.

     

    අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya