ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මේ වසර අවසන් වන විට තාක්ෂණ විද්‍යාගාර 250ක්

    මැයි 22, 2014

    තාක්ෂණ විද්‍යාගාර 250ක් මේ වසර අවසන් වන විට ආරම්භ කරන බවත් මානව සම්පත රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න දරු පරපුර නිවැරදිව ගොඩනඟා ගැනීමට රජය පියවර ගෙන තිබෙන බවත් අධ්‍යපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී 2012 අංක 23 දරන විසර්ජන පනත යටතේ වූ නියමයන් 08ක් හා ජාතික ව්‍යවසාය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    එක්සත් ජාතික පක්ෂය 1977දී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම නිසා දරුවෝ ක්‍රීඩා, සෞන්දර්ය වැනි විෂයයන්වලින් ඉවත් වූහ. මේ ක්‍රමය හඳුන්වා දීමෙන් 1994 වන විට සාමාන්‍ය පෙළ ගණිතය අසමත් පිරිස 71% විය. ගණිතය අසමත් නිසා මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වූ අතර ජනප්‍රිය පාසල් නිසා ගම්බද පාසල්වලට විද්‍යාව අහිමි විය. සහතිකය පමණක් අතැති දරුවන් බිහි වූ අතර ඔවුන්ට පුහුණුවක් තිබුණේ නැතැයි ඔහු කීය.


    උතුරෙත් දකුණෙත් ආයුධ අතට ගත්තේ මේ දරුවන්. එහෙත් අපේ ජනාධිපතිතුමා ගමේ දරුවන්ටත් නගරේ සුපිරි පාසල්වල ඇති පහසුකම් ලබාදීමට පියවර ගත්තා. ගණිතය අසමත් කරලා දරුවන් පාසල් ඒම නතර කළ යුගය අවසන් කිරීමට ගණිතාගාර ආරම්භ කරමින් පාසල තුළම දරුවන්ට වෘත්තීය පුහුණුවත් අධ්‍යාපනයත් ලබාදීමට පියවර ගත් බවත් පාසලෙන් පිටවන විට තමන්ගේ ජීවනෝපාය හදාගැනීමට හැකි අවස්ථාව සලසා දීමට රජය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    විවාදයට ගත් සියලු නියමයන් සම්මත විය. පාර්ලිමේන්තුව හෙට (23) පස්වරු 1.30ට යළි රැස්වේ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya