ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අපි සිතනවාට වඩා වැදගත් පැරණි ප්‍රාග් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙනවා

    ඔක්තෝබර් 22, 2015

    අපි සිතනවාට වඩා වැදගත් පැරණි ප්‍රාග් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන බවත් එම ප්‍රාග් ඉතිහාසය ගැන සොදිසි කරන්නට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ඉතිහාසයක් ගැන පරීක්ෂණ සිදු කළ හැකියි. ප්‍රාග් ඉතිහාසය පිළිබඳව සොයන්නට මහාචාර්ය දැරණියගල මහතා උපදේශකවරයකු ලෙස කටයුතු කරනවා.

    මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ,ප්‍රාග් මානවයා විසූ බෙල්ලන මාර්ගය සකස් කර දීමට කටයුතු කර දෙන ලෙසයි.මේ පිළිබඳව කටයුතු කරන බවත් බලංගොඩ මානවයා ආහාර සොයා හෝටන් තැන්න දෙසට ගමන්
    කිරීම සම්බන්ධව ද සෝදිසි කරන බව අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේ,කූරගල පූජාභූමීය ආගම් දෙකක් අතර පවතින තත්ත්වයක් බවත් ජනවාර්ගික ගැටලුවක් ඇති නොවන ලෙස කැණීම් කිරීම වැදගත් බවත් ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ,මේ පිළිබඳ සාකච්ඡා කර කටයුතු කරන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya