ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අපි සත්‍ය ගවේෂණය කරනවා-අලුත් දේශපාලන සංස්කෘතියක්, සම්මුතිවාදී පාලනයක් සහ නව දේශපාලන ගමනක් යන්න එක්වන්න

    ඔක්තෝබර් 23, 2015

    ජනතාව ප්‍රතික්ෂේප කළ මාර්ගයට යනවාද ජනතාව අනුමත කළ නව මාර්ගයේ යනවද කියා ගැඹුරින් සිතා බලන්න කියා ඉල්ලා සිටිනවා.මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්, සම්මුතිවාදී පාලනයක් සහ නව දේශපාලන ගමනක් යන්න එක්වන ලෙසයි.අපි දේශීය යාන්ත්‍රණයක් සකස් කරනවා.එමඟින් අපි සත්‍ය ගවේෂණය කරනවා''යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම ආරම්භ කෙරුණු අතර එහි
    දෙවැනි දිනය වන අද (23) විවාදය ආරම්භ වූ අතර එම විවාදයේ අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    අඳුරට සාප කරමින් සිටිනවාට වඩා,එක් පහනක් හෝ දැල්වීම උචිතයි කියා,මා අසා තිබෙනවා.අතීතයේ වැරදි ගැන එකිනෙකාට චෝදනා කරනවාට වඩා,වැදගත් වන්නේ අතීත වැරදි නිවැරදි කරගනිමින් අනාගතය යහපත් ලෙස ගොඩනගාගන මාර්ගයක් අතිකරගැනීමයි.අප මේ සිදු කරන්නේ එම කටයුත්තයි.

    ජනවාර්ගික අර්බුදය ඒ මගින් පැතිර ගිය ත්‍රත්වාදය හා යුද්ධය නිසා,අප සියලු දෙනාම පීඩාවට පත් වුණා.ජීවිත හා දේපල හානිකරගත්තා.සාමාන්‍ය ජනතාව වගේම ආරක්ෂ හමුදාව ගොදුරු බවට පත් වුණා.යුද්ධය නිමවීමෙන් පසු යලි ප්‍රතිසන්ධානය ඇතිකොට හදවත් සුවපත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම,නිසා සමබර විදේශ ප්‍රතිපත්තියක් ගෙන නොයෑම නිසා,අප ජාත්‍යන්තර
    වශයෙන් කොන්වෙන තත්ත්වයකට පත් වුණා.

    අපට මේ පසුබිම තුළ රටක් ලෙස ඉදිරියට යන්න බෑ.අපි දේශීය වශයෙන් සමඟිය,සහෝදරත්වය ශක්තිමත් කොට මෛත්‍රිය මුල්කරගත් ප්‍රතිසංධාන ක්‍රියාවලියක් මගින් බිඳුණු හදවත් සුවපත් කළ යුතුයි.ඒ අතරම ජාත්‍යන්තර වශයෙන් අප පත් වී සිටි හුදකලා තත්ත්වයෙන් මිදී යළිත් ජාත්‍යන්තරයේ විශ්වාසය හා මිත්‍රත්වය දිනාගත යුතුයි.

    ජිනීවා යෝජනාවලිය මඟින් අපට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා.ඒ නිසා අප සියල්ලම එක් වී අපේ රට ඉහලට එසවීමේ මූලික අරමුණ කරගනිමින් මෙම ව්‍යායාමයට එක්වෙමු.

    මෙතැනදි අපි න්‍යාය පත්‍රය අපි අතට ගනිමු.අපේ රටේ ජනතාව එකට එකතුකරගත් ව්‍යායාමයක්,අපේ රටේ ජාතික හා ආගමික සමඟිය තහවුරු කරන ව්‍යායාමයත් අපේ හදවත් සුවපත් කරන ව්‍යායාමයත්,කරන යෝජනාවක් ලෙසයි මම මෙය දකින්නේ.

     

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමක් ලෙසයි මම මෙම යෝජනාව දකින්නේ.මෙය ක්‍රොධය හා වෛරය වෙනුවට මෛත්‍රිය හා දයාව පතුරන ව්‍යායාමයක්.ඇයි අපි එයට විරුද්ධවෙන්නේ.ඒ නිසා අපි මෙම ව්‍යායාමය සාර්ථක කරගැනීම සඳහා අලුත් අගමනකට මුලපුරමු.

    එතැන දී සම්ප්‍රධායික දේශපාලනය පසෙකලා,රට වෙනුවෙන් අලුතෙන් හිතන්න පුළුවන්,කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.සියලු ජනකොටස් සාමයෙන් සංහිදියාවෙන් අත්වැල් බැදගන්නා සමාජයක් පිළිබඳව මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව තබා තිබෙනවා.එකිනෙකා අතර වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන ක්‍රියාවලියක් පිළිබඳ මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තිබෙනවා.
    ගහමරාගන්නා දේශපාලනයක් වෙනුවට සහෝදරාත්මක දේශපාලන ක්‍රමයක් පිළිබඳ මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තිබෙනවා.

    රට ආපස්සට අදින ප්ෆ්‍රතිපත්තියක් නොව රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් පිළිබඳ මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තිබෙනවා.

    මම ඔබසැමගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා,මෙම ජනතා බලාපොරොත්තු බිඳ දමන්න එපා.ජනතාවගේ මේ බලාපොරොත්තුවලට පිටුපාන්න එපා.ඒ නිසා අපේ රටේ ජනතාව සම්ප්‍රධාය ප්‍රතික්ෂේප කළේ, ඒ නිසයි.ජනතාව අනුමත කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි.ජනතාව සම්මුතිවාදී දේශපාලනය ඉහළට ඔසවා තැබුවා. ජනතාව ප්‍රතික්ෂේප කළ මාර්ගයට යනවාද ජනතාව අනුමත කළ
    නව මාර්ගයේ යනවද කියා ගැඹුරින් සිතා බලන්න කියා ඉල්ලා සිටිනවා.

    ජනතාව ප්‍රතික්ෂේප කළ මාර්ගයට යනවාද ජනතාව අනුමත කළ නව මාර්ගයේ යනවද කියා ගැඹුරින් සිතා බලන්න කියා ඉල්ලා සිටිනවා.මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්, සම්මුතිවාදී පාලනයක් සහ නව දේශපාලන ගමනක් යන්න එක්වන ලෙසයි.

    අපේ අරමුණ පුද්ගල පළිගැනීම, වෛරය හෝ ක්‍රොධය පතුරවාලීම නොවේ,දඬුවමින් වරදකරුවන් මර්ධනය කිරීම
    නොවේ.සාමයෙන් මෛත්‍රියෙන් දයාවෙන් සියලු ජනකොටස්වලට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් ගටුමට මැදි වූ සියලු පාර්ශවයන්ගේ බිඳුණු හදවත් හා සිත් සුවපත් කරලීමයි.සිදු වූ වැරදි සොයාබලා,අවබෝධකරගෙන අනාගතයේ එවැනි වැරදි සිදු නොවීමට පදනමක් සකසා ගැනීමයි.ඒ නිසා අපි මුලින් ම රට ගැන හිතමු.අපේ රට ඉදිරියට යන්න මේ අවස්ථාව තම තමන්ගේ පුද්ගලික වාසිවලට යට
    කරන්න එපා කියා, මම ඔබසැමගෙන් ම ඉල්ලා සිටිනවා.ඒ නිසා අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ,මේ අලුත් ගමන් යන්න ජනවාරි අටවැනිදා ජනවරම දීමෙන් එක්සත් ජාතික පක්ෂයත් ,එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එකතු වෙලා මේ ප්‍රශ්නය විසදන්න අපි අවුරුදු දෙකක දි උත්සහ කරන්නේ.

     

    අපිට මධ්‍යස්ත තැනකට එන්න පුළුවන් වෙයි.අපේ මේ යෝජනාවට සමහරු විරුද්ධ වුණා.අපි මෙය ව්‍යවස්ථවට අනුකූලව කරන්නේ.ජනතාවගේ අධිකරණ බලය අපි ක්‍රියාත්මක කරන්නේ, අපි ඇතිකරන ආයතනවලින්.එයට
    පටහැනිව යන්නේ නෑ.අපි කොහොමද එය ඇතිකරන්නේ කියා යෝජනා දෙන්න.ඒ අනුව අපි ක්‍රියාකර තිබෙනවා. ඉන් පිටගිහින් නෑ.මෙවා ගැන කියන්න ඕන.ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මැදිහත්වීමක් කරන කියලා මුලින් ම කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා,එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී.මොකක්ද සිදු වුණේ.

    2005 අගෝස්තු මාසේ අපේ හිටපු විදේශ ඇමති කදිරගාමර් මැතිතුමා කොටි සංවිධානය විසින් ඝාතනය කළා.මාස හතරක් යන්න කලින් කොටි සංවිධානයට සල්ලි දුන්නා.උතුරේ ඡන්දදායකයින් ඡන්දය දීම නවත්වලා,ජනාධිපතිවරනය ජයගත්තා.

    එල්.ටී.ටී.ඊයට විරුද්ධව ක්‍රියාකළේ නෑ.මාවිල් ආරු අල්ලාගත්තේ ඇයි?ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් තිබුණා.රතන හිමියන් එතැන උද්ඝෝෂණයක් කරන්න පටන් ගත්තා.හිතුවේ නැති විදියටයි යුද්ධය පටන් ගත්තේ.දුටුගැමුණු රජුවගේ කළේ නෑ.මේක අහම්බෙන්
    ඇති වූ යුද්ධයක්.

    එල්.ටී.ටී.ඊය ප්‍රාණ ඇපකරුවන් රැගෙන ගියේ නැත්නම් කිළිනොච්චිය බිද වැටුණට පස්සේ මේක උග්‍රවෙන්නේ නෑ.ඉන්දියාවේ මැතිවරණයෙන් බීජීපී එක දිනයි කියා හිතුවා.මෙය විගහට ඉවරකරන්න කිව්වා.ඊට පස්සේ සුදුකොඩි සිද්ධිය ආවා.දෙමළ ජනතාවගේ විනාශයට පුලිදේවන් වගකියන්න ඕන. අන්තිමට ද්‍රවිඩ ජනතාව විනාශ කළා අපේ හමුදාව අතරමංකළා.හමුදාවට කළේ මොකක්ද? හමුදාව ජයගත් සරත් ෆොන්සේකාව හිරේ දැම්මා.


    මෙතැනට ඇවිත් හමුදාව ගැන කතාකරන්න එපා.ඒ අයගෙන් සමාව ඉල්ලන්න.ඒ අයටත් යුක්තිය දෙන්න.දෙමළ ජනතාවටත් යුක්තිය දෙන්න.අපි සත්‍ය දැනගන්න ඕන.ඒ සත්‍ය දැනගන්නයි අපි මේ සැරසෙන්නේ,මේ සියල්ලෙන් ම යළි ගොඩ එන්නයි.වැටුණු වලෙන් එළියට එන්නයි අපිට ඕන.ඒකට අපි එකතු වෙමු.අපේ රටේ යළි දේශීය හෝ ජාත්‍යන්තරව ඉහළට ඔසවා තබන්න. සම්ප්‍රදායික පටු දේශපාලණයෙන් මිදී මුලින් ම රටගැන සිතා කටයුතු කරන්න.

    ඒ සඳහා අපි දේශීය යාන්ත්‍රණයක් සකස් කරනවා.එමඟින් අපි සත්‍ය ගවේෂණය කරනවා.මේ යාන්ත්‍රනයට විරුද්ධව කෑ ගහන්නේ කවුද?මේ සියල්ලගේ අරමුණ එකයි. රට දෙකඩ කර හෝ තම අරමුණු ඉටුකර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

    මේ ගමන නවත්වන්නේ නෑ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන ඉදිරියට ගෙනියනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya