ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

    ඔක්තෝබර් 26, 2015

    දැයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් ගොඩනැඟී ඇති බැවින් ඊට රජයේ ඝෘජු මැදිහත්වීම ලබාදෙමින් එම ජනාධිපති කාර්ය සාධන බලකාය ඇති කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අත්තනගල්ල, ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැළඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (25) පෙරවරුවේ එක් වෙමිනි.

    අත්තනගල්ල පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයට මෙම ,පන්නිල ශී‍්‍ර ආනන්ද නා හිමි, තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය ලබා දී තිබේ.

    එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කටයුතු කිරීම අද කිසිවෙකුට පැහැර හැරිය නොහැකි ජාතික වගකීමක් බවට පත්ව ඇති බවයි.

    දෙමාපියන් දරුවන් පිළිබඳ නිරන්තර විමසීමෙන් සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා දරුවන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ ක‍්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට රජය කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

    විද්‍යා සහ සේයා දැරිය කෲර ලෙස ඝාතනය වෙද්දී ඇතැම් මාධ්‍ය ආයතන එම දරුවන් තව දුරටත් විනාශ කිරීමට ගත් උත්සහය ඉතා කණගාටුදායක බව පැවසු ජනාධිපතිතුමා මෙවන් සිදුවීම්වලදී යහපත් සහ ශීලාචාර සමාජයක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කළයුත්තේ කෙසේද? යන්න පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු බවද ප‍්‍රකාශ කළේය.


    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලීප් විජේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන්, ප‍්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya