ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පා බල හමුදා ස්මාරකය ජනාධිපතිතුමා අතින් විවෘත වෙයි

    ඔක්තෝබර් 27, 2015
    පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ ඉදිකෙරුණු අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීම  ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන්  පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි. 
    1900 වර්ෂයේ සිට 2009 වසර  දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිටියදී මියගිය සාමජිකයින්  3,868  දෙනෙකගේ  නම් ඇතුළත් කොට අඩි 80 ක් උසැති  මෙම  ස්මාරකය ඉදි කොට ඇත.
    පාබල හමුදා මුලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා විශේෂ හමුදා උත්තමාචාර සහිතව මහත් අභිමානවත් අයුරින් පිළිගන්නා ලද අතර,  රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබමින් ජනාධිපතිතුමා මියගිය රණවිරුවන් වෙත සිය උපහාරය පුද කරන ලදී. 
    කදවුරු භූමියේ ඉදිකොට ඇති සෙබළ ජීවිතය නම් වූ කෞතුකාගාරය සහ රාම රාවණා ගැටුමේ සිට අවසන් මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධයේ විකාශනය නිරූපිත උමං මාර්ගය නිරීක්ෂණයට ද ජනාධිපතිතුමා එක්විය. 
    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල, හිටපු යුධ හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුථ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු ද මිය ගිය සෙබළුන් ගේ දෙමාපියන් පවුල් වල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya