ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රණවිරුවන්ට වරප්‍රසාද කාඩ්පතක්

    දෙසැම්බර් 04, 2015

    රණවිරුවන්ට වරප්‍රසාද කාඩ්පතක් ලබාදීමට කටයුතු කරනවා.රට බේරාගත් රණවිරුවන්ට ගෞරවයක් ලබාදෙන්න වැඩපිළිවෙල ආරම්භ කරනවා යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (04) අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.


    රණවිරුවන්ට වරප්‍රසාද කාඩ්පතක් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා ආයතන පනහක සහාය ලැබෙනවා. රට බේරාගත් රණවිරුවන්ට 
    ගෞරවයක් ලබාදෙන්න වැඩපිළිවෙල ආරම්භ කරනවා.

     

    ජාතික ආරක්ෂාවට කිසිම සංවිධානයකට හෝ පුද්ගලයකුට බලපෑමක් කරන්නට ඉඩ ලබාදෙන්නේ නෑ.ලබන වසර වනවිට ගුවන්
    හමුදාවට අවශ්‍ය ගුවන් යානා ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා. නාවික හමුදාව සඳහා නෞකා දෙකක් මිලදී ගැනීමට
    ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා.

     

    අපේ රට ජාත්‍යන්තරයේ කොන්වී සිටියා. රටවල් අපිට උදව් කරන්න ඉදිරිපත් වුණේ නෑ.අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා නිසා මබ්බිම
    ආරක්ෂා වී තිබෙනවා. අද අපේ ආරක්ෂාව දියුණු කිරීමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය, ජපානය වැනි රටවල් ඉදිරිපත් වී සිටිනවා යැයි අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya