ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සාමයට සහාය දෙනවා - ලෝක න්‍යෂ්ටික අවිහරණ ප‍්‍රඥප්ති සංවිධානයට ජනපති කියයි

    දෙසැම්බර් 06, 2015

    සමස්ත න්‍යෂ්ටික අවිහරණ ප‍්‍රඥප්ති සංවිධානයේ (CTBTO) නියෝජිත පිරිසක් ඊයේ (05) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    එම සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය ලසිනා සර්බෝ (Lassina Zerbo) මහතා ඇතුළු නියෝජිත පිරිසගේ පැමිණීම අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද පිළිසදරක නිරත විය.

    නොවැම්බර් මස 29 දින සිට දෙසැම්බර් 05 දින දක්වා දඹුල්ල කණ්ඩලම හෝටලයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක සියයකට ආසන්න නියෝජිත පිරිසක් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු වැඩමුඑව අතරතුර මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා මුණගැසිණි.

    ලෝකයේ කවර තැනක හෝ න්‍යෂ්ටික පිපිරවීම් නතරකිරීම මෙම සංවිධානයේ අරමුණ වන අතර ශ‍්‍රී ලංකාව ඇතුඑ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 185 ක් පමණ මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

    සංවිධානයේ කටයුතු වෙනුවෙන් සම්පූර්ණ අනුකූලතාවය දැක්වීමේ වැදගත්කම පිළිබ`දව නියෝජිත පිරිස ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ලෝක සාමයට කැපවූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව මේ සදහා සියලු සහයෝගය ලබාදෙන බවට ජනාධිපතිතුමා නියෝජිත පිරිස අමතා සඳහන් කළේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya