ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කරන්නට කටයුතු කරනවා-සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 07, 2015

    අධ්‍යාපනයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කරන්නට බලාපොරොත්තු වන බවත් උසස් පෙළ හැදෑරීමට සෞඛ්‍ය විෂය සමර්ථවීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.


    විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරන බවත් ඊ‍ට අමතරව උසස් පෙළ සිසූන්ගේ, තරුණ සංගම්වල සාමාජිකයන්ගේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙළි කළ අමාත්‍යවරයා, ඒඩ්ස් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවද කීය.

     

    මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‍  අමාත්‍යවරයා, මේ බව පැවසී ය.

    අද රටේ සියලු පැතුරුණු රෝග නිවාරණය කරගෙන යනවා.1993 වනවිට පොලීයෝ රෝගය අවසන්.බෝ නොවන රෝගවලින් සියයට 65%ක් මරණයට පත් වෙනවා. එම නිසා බෝ නොවන රෝග සහ ලිංගික රෝග පිළිබඳ විෂයමලාවට, අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ කතා කරල,ඇතුළ් කරන්න. එපමණක් නොව සෞඛ්‍ය විෂය,සම්බන්ධ කරලා, එම විෂය අනිවාර්ය කරන්න අධ්‍යාපනයට.එය සමර්ථවීම උසස් පෙළ කිරීමට අනිවාර්ය කරනවා.

     

    එන්නත් කටු මඟින් මත්ද්‍රව්‍ය ගැනීම විශාල අවධානමකට යනවා.බටහිර කලාපයේ රටවල ඒඩ්ස් රෝගය පැතිර යාමට ප්‍රධානතම හේතුව වන්නේ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් බව අනවාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය එන්නත් කිරීම අඩු තත්ත්වයක පවතින නිසා ඒඩ්ස් පැතිරයාම අඩු මට්ටමක පවතින බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya