ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර දුෂණ වීරෝධී දිනය සැමරුමට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 10, 2015

    ජාත්‍යන්තර දුෂණ වීරෝධී දිනය සමරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ සිවිල් සංවිධාන එක්ව සංවිධානය කළ දූෂණ විරෝධී පාගමනක් සහ උත්සවයක් ඊයේ (09) පස්වරුවේ කොළඹදී පැවති අතර නිදහස් චතුරස්‍රයේ පැවති දුෂණ වීරෝධී දින උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්විය.

    විහාර මහා දේවී උද්‍යානයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පැමිණි දූෂණ විරෝධී පාගමන පැවැත්විනි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් විසින් ජනාධිපතිතුමා පිළිගත්තේය.

    දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ට්‍රාන්ස්ප්‍රේරන්ස්හි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව පිරිනමන ජාතික සුපිළිපන් ප්‍රණාම සම්මානය, අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන්, ඒ හිමියන්ගේ ශිෂ්‍ය හිමිනම වෙත ජනාධිපතිතුමා අතින් පිරිනැමීම සිදු විය.

    2015 වසර වෙනුවෙන් පිරිනැමුණු ජාතික සුපිළිපන් ප්‍රණාම සම්මානය, රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතාට ද එම සම්මානය හිමි විය.

    අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපති ටී.බී. වීරසුරිය මහතා විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමේ ඉදිරි තුන් වසර සදහා වන ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිතුමා වෙත භාරදුන්නේය.

    කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය සාගල රත්නායක, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ති්‍ර සුනිල් හ`දුන්නෙත්ති, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසුරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ද එක්සත් ජාතින්න්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඇතුළු විදේශ තානාපතිවරු ද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya