ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නැති දේවල් කියලා බිල්ලෝ මවන්න එපා-නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

    දෙසැම්බර් 10, 2015

    විශ්‍රාම වැටුපක් සියලු දෙනාට ම ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. නැති දේවල් කියලා බිල්ලෝ මවන්න එපා යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ,අද (10) පාර්ලිමේන්තුවේ දී කරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි දිනය වන අද දින කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය,සෞඛ්‍ය,පෝෂණ
    හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.


    ලක්ෂ38ක පෞද්ගලික අංශයේ සිටිනවා.රාජ්‍ය සේවයේ සිටින අය විශ්‍රාම වැටුප ලබනවා. සියයට 44%කට යම්කිසි විශ්‍රාම වැටුපක්
    ලැබෙනවා.එහෙත් සියයට 56%කට කිසිම දෙයක් ලබෙන්නේ නෑ.

     

    විශ්‍රාම වැටුප සියලු දෙනාටම ලබෙන වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි.විශ්‍රාම වැටුප තමයි අකර්ෂණය වන්නේ. අනෙක් අරටවල
    මෙසේ නෑ. විශ්‍රාම වැටුප රජයේ නිලධාරීන්ට පමණක් නොව අනෙක් පෞද්ගලික අංශයටත් ලැබෙන්න ඕන. අපිට අවශ්‍ය මේ සංශෝධනය කරන්නයි.වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනගන ගමන් සේවකයන්ට සාධාරයක් තිබිය යුතුයි.

     


    මේ දවස්වල සීපා ගිවිසුම ගැන කතා කරනවා.කිසිම වෛද්‍යවරයකුට,ඉංජිනේරුවෙකුට ඉන්දියාවේ සිට ඇවිත් වෘත්තීය කරන්න බෑ, එහෙම ගිවිසුමක් නෑ.මේ කාරණාවලින් ජනතාව මුලා කිරීම ගැන කණගාටුවෙනවා. නැති දේවල් කියලා බිල්ලෝ මවන්න එපා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya