ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශ්වාසභංග යෝජනාවක් නොව තේරිම් කාරක සභාවක් පත් කරන්න- අගමැති

    දෙසැම්බර් 15, 2015
    මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නොව ඒ සම්බන්ධයෙන් තේරිම් කාරක සභාවක් පත් කර වාර්තාවක් ලබ දී 
    තීරණයක් ගත හැකි බවත් තේරීම්කාරක සභාවකට ලෑස්ති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු  මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අද (15) පාර්ලිමේන්තුවේ දී 
    මුදල් අමාත්‍යවරයාට එරෙහිව ලබාදුන් විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන් කතානායකවරයගෙන් විමසූ 
    අවස්ථාවේ දී ඊට අඳහස් දක්වමිනි.
     
    සභානයක- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - අයවැයට තුනෙන් දෙකක ඡන්දයක් ලැබී තිබෙන බැවින් විශ්වාසභංගයක් ගෙන ඒම විහිළුවක්.මේ විශ්වාසභංගයට හිටපු ජනාධිපතිතුමා ද අත්සන් කර නෑ.
     
    කතානායක කරූ ජයසූරිය මහතා- ලබන වසරේ ඒ ගැන කියන්නම්, ඊයේ මේ ගැන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා වුණා. ලබන වසරේ දී මේ ගැන සාකච්ඡා කරන්න එකඟ වුණා.
     
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා-අයවැය සහ විශ්වාසභංගය එකට සළකා බලන්න බෑ. ඉන් හැඟෙන්නේ නෑ, මුදල් අමාත්‍යවරයාට  එරෙහිව විශ්වාසභංගයක් ගන්නට බෑ කියන එක. අයවැය සම්මත වූ පමණින් අර්ථකතනය වන්නේ නෑ, මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නොහැකි බව.
    කතානායක කරූ ජයසූරිය මහතා-   ඉදිරියේ දී සාකච්ඡා කරනවා.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව යටතේ අයවැය කියන්නේ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය ප්‍රකාශ කිරීමක්. එය පරාජය වුවහොත් කබිනට් මණ්ඩලයත් අගමැතිවරයාත් ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි. ඒ පිළිබඳව මූලික සිද්ධාන්ත දෙකක් තිබෙනවා.
    ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය සාමූහිකව වගකියන්න ඕන. අනෙක, ව්‍යවස්ථාවට අනුව පොදු මුදල් පාලනය පැවරී තිබෙන්නේ 
    පාර්ලිමේන්තුවටයි.මුදල් ඇමැතිවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කළාම ආණ්ඩුව වෙලාවාව තිබෙනවා, සංශෝධනය කර තීරණය 
    කරන්න. පසුව පක්ෂ විපක්ෂව ඡන්දය දෙන්න පුළුවන්. ඒත්  අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව යෝජනාවක් ගේන්න 
    බෑ.ව්‍යවස්ථාවට ගරු කරල ඒ ව්‍යවස්ථාව අනුවයි කටයුතු කරන්නේ.අයවැය ආණ්ඩුවේ කොටසක්.අයවැය රවී කරුණානායක 
    අමාත්‍යවරයා ගැන නොවේ. එය තුනෙන් දෙකකින් අනුමත කළාම කොහොමද විවදයක් තියන්නේ.විශ්වසභංගයක් නොවේ එයට තෙරිම්කාරක සභාවක් පත් කරලා,වාර්තාවක් ලබාදෙන්න කියල කියමු. වැරදි නම් ඒ ගැන තීරණයක් ගමු. මෙය ඇත්තද නැත්තද කියලා වාර්තා කරන්න.මාසයක් දෙමු තෙරීම් කාරක සභාවකට ඉදිරිපත් කරලා,වාර්තාවක් දෙන්න කියන්න.අපි ලෑස්තියි තේරිම් කාරක 
    සභාවකට.ඔබතුමා ලෑස්තිද පාර්ලිමෙන්තුවෙන් ඉවත් වෙන්න. කවුද නිදහස් අධ්‍යපනය කැපුවේ.වැරදි නම් ඒ පුද්ගලයා එය භාරගත 
    යුතුයි. 
    පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධන මහතා- රවී කරුණානාය  අමාත්‍යවරයාගෙන් රුපියල් කෝටි එක්දහස් දෙසිය 
    දහයක් වියදමක් ලෙස දක්වන්නේ කොහොමද කියලා ඇසුවා.එය වෙන්නේ කොහොමද කියා දැනගන්න ඕන.
     
    අග්‍රාමාත්‍ය රවිල් වික්‍රමසිංහ මහතා- උතුරු පළාළාතේ අධ්‍යාපනයට  අවශ්‍ය මුදල් ලබාදුන්නද කියලා අහනවා.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- ඊයේ පක්ෂ නායක රැස්වීමේදී දිනයක් ඉල්ලා සිටියා.ජනවාරි මාසයේ රැස්වෙලා දිනයක් 
    නියම කරනවා, කිය එකඟතාවක ආවා. විශ්වාසභංගයකට අපට දිනයක් අවශ්‍යයි.
     
    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා- අයවැය කරුණු අනුවයි විශ්වාසභංගය ගෙනවිත් තිබෙන්නේ. එය තුනෙන් දෙකක ඡන්දයක් ලැබුණා. එවිට විශ්වාසභංගය බලශූන්‍යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya