ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 5,500ක් බඳවා ගැනීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 15, 2015

    ඉදිරි මාස දෙක ඇතුළත උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 5,500ක් බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයවැය 2016 කාරකසභා අවස්ථවේ විවාදයේ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ
    අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.

     

    ලබන වසරේ සිට රජයේ සේවකයන්ට නිශ්චිත රාජකාරියක් පැවරීමට අවශ්‍ය කටයුතු කරනවා. එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ධාරිතාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා.

     

    පසුගිය දින 100 වැඩපිළිවෙළ තුළ ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා.රජයේ සේවකයන්ට වැඩිම ප්‍රතිලාභ ලබුණු වර්ෂය
    2015 යි. රුපියල් 10000ක් වැටුප් වැඩි කළා.විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය කටයුතු කළා. 

     


    රාජ්‍ය සේවයේ මානව සම්පත් සංවර්ධනය හා ජනතාවාදී සේවයක් කිරීමට කටයුතු කරනවා.රාජ්‍ය සේවයට 2015 විශාල පිරිසක් බඳවා
    ගත්තා.කළමනාකරණ සේවයේ 400ක් බඳවා ගැනීමට කටයුතු කළා. ඉදිරි මාස දෙක තුළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 5500ක්
    බඳවා ගැනීමට කටයුතු කරනවා. රුපියල් 10000ක් වැටුපට එකතු කළා. ඉන් රුපියල් 2000ක් මූලික වැටුපට එකතු කර තිබෙනවා.

     

    විශ්‍රාම වැටුපේ කිසිවක් අඩු වෙන්නේ නෑ.2016 සිට බඳවා ගන්නා රජ්‍ය සේවකයන්ට දායක විශ්‍රාම වැටුපක් ලැබෙනවා.අද තිබෙන
    විශ්‍රාම වැටුප ගැන කිසිම සහතිකයක් නෑ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya