ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට මිලදී ගත හැකි දැයි සොයා බලනවා

    දෙසැම්බර් 15, 2015

    අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට මිලදී ගත හැකි වන පරිදි වෙළදපොලේ පවතිදැයි ඉදිරි සති දෙක තුළ සොයා බැලීමට ඉදිරි සති දෙක තුළ අඛන්ඩව වැටලීම් සිදු කරන බවත් හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොලේ තිබේ දැයි සොයා බලන බවත් මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා පාර්ලිමේන්තු සංකීර්යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (15)ප්‍රකාශ කළේය.


    රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරමින් භාණ්ඩ හිගයක් වෙළෙදපොලේ පවතින බව මවා පෑමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ආරංචි වී ඇති බව පවසන මුදල් අමාත්‍යවරයා, මේ සඳහා රජය ඉඩ නොදෙන බවත් මේ සම්බන්ධයෙන් ‍සොයා බැලිමට සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට සතියකට වරක් ජීවන වියදම් කමිටුව, එහි සභාපති ජාත්‍යන්තර වෙළෙඳ කටුයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.


    මේ සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරිමට පාරිභෝගික අධිකාරිය සුදානමින් සිටින බවත් සෑම සතියකම ජිවන වියදම් කිමිටුව රැස්වී සාකච්ඡා කරන බවත් කී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතා,  මේ සඳහා මාධ්‍යයේ සහාය ද බලාපොරොත්තු වන බව පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පි. හැරිසන් මහතා;


    යහපලාන රජය අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කරලා ජනතාවට සහන දුන්නා.ජනතාව මැසිවිලි නගනවා මේ සහන ජනතාවට ලැබෙන්නේ නැහැ කියලා.ඒ නිසා අපි වැටලීම් ආරම්භ කරනවා.ජිවන වියදම් කමිටුව සතියකට වරක් රැස්වී මේ සම්බන්ධයෙන් සොයා බලනවා.රජයක් ලෙස ජනතාවට සහන ලබා දීමට මැදිහත් විය හැකි උපරිම අයුරින් අපි මැදිහත් වුනා.වී වලට අපි සහතික මිලක් ලබා දුන්නා. ඉතිහාසයේ ප්‍රථම වතාවට වි අළෙවි මණඩලය ගොවි ජනතාවගෙන් උපරිම වී තොග මිලදී ගත්තා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග දේශීය සමාගම් වලට අපි වී කිලෝවක් රුපියල් 40 බැගින් ලබා දෙනවා.මේ අය එම මිලට මිලදී ගන්නේ නැතිනම් අපි ඉදිරියේදී මෙම වි තොග විදේශීය සමාගම් වලට විකුණනවා යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya