ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු ආයතනයක් විදේශ සමාගමකට විකුණන්නේ නෑ

    දෙසැම්බර් 15, 2015

    අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයක් විදේශ සමාගමකට විකුණන්නේ නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරය අද (15) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂයේ විවාදයේ
    පිළිතුරු කතාව කරමිනි.


    පරන්තන් සහ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් කිසිදු විදේශ සමාගමකට ලබා දී නෑ. කන්කසන්තුරේ සිමෙන්ති සමාගම ආරම්භ
    කරන්න කැමැතියි.

     

    අපේ අමාත්‍යාංශයට ලැබුණු ඇතැම් ආයතනවල තිබුණේ ලේබල් විතරයි. පසුගිය කලයේ අය මෙය වගකියන්න ඕන.
    අලුත් සභාපතිතුමාට දන්වා සිටියා, ලංකා සතොස ආයතනය මාස 6ක් තුළ ලාබ ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට කියලා. ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.


    අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයක් විදේශ සමාගමකට විකුණන්නේ නෑ. ලබන වසර පහට ලක්ෂ පහක රැකියා අවස්ථා
    සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා.කර්මාන්තය දියුණු කිරීමට වසර තුනක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. උතුරු
    ප්‍රදේශයේ කර්මාන්ත නැංවීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya