ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නගරය දියුණු කිරීමේ නගර සැලැස්මක්-කුඩා නගර සියයක් දියුණු කිරීමට සැලසුම්- අමාත්‍ය රාවුෆ් හකීම්

    දෙසැම්බර් 16, 2015

    මහනුවර නගරය දියුණු කිරීම සඳහා විශාල නගර සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා.දැනටමත් කුඩා නගර සියයක් සඳහා නවීන පහසුකම් සහිත නව නගර ලෙස දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.


    2016 වසර සඳහා අමාත්‍යාංශය නගර සැලසුම් විෂය වෙනුවෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා.දැනටමත් කුඩා නගර
    සියයක් සඳහා නවීන පහසුකම් සහිත නව නගර ලෙස දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ යටතේ තෝරාගත් නගර සීමාවන්
    හි පවතින සියලු යටිතල පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.

     


    මහනුවර නගරය දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ආසියානු සංවර්ධන බැංකු,ලෝක බැංකු ආධාරයෙන් ක්‍රියාත්මක වන ඒ
    ව්‍යාපෘතියට අමතරව ජපන් ආධාර බිලියනයකට ආසන්න මුදලක් ලැබෙන පොරොන්දුවක් මත විශාල නගර සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා.


    දැනටමත් අමාත්‍යාංශය නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් සමඟ කටයුතු කරමින් සැලසුම් සකස් කරමින් යනවා. උපාය මාර්ගික නගර
    සංවර්ධන ව්‍යාපෘතියක් තිබෙනවා, ආසියානු සංවර්ධන බැංකුවෙන් ක්‍රියාත්මක වන. ඒ ව්‍යාපෘතියට ගාල්ල,යාපනය,ඇතුළුව නගර
    කීපයක් ඇතුළත් වෙනවා. අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya