ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික සංවර්ධන කාර්යයේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සුහදතාවයෙන් කටයුතු කළ යුතුයි

    දෙසැම්බර් 17, 2015

    ආර්ථික සංවර්ධන කාර්යයේදී රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සුහදතාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

     

    නවෝත්පාදන ආර්ථිකය ලෝකයේ පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක සාම්ප‍්‍රදායික අපනයන කර්මාන්ත පිළිබඳ මෙන්ම වාණිජ්‍ය ලෝකයට අවශ්‍ය නව නිෂ්පාදන වෙළඳපළට ලබාදීම පිළිබඳවද පෞද්ගලික අංශයේ අවධානය යොමු විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා රජයේ උපරිම සහාය ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති  ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

     

    සෑම රටකම ජාතික ආර්ථිකයේ ශක්තිමත් භාවය රදා පවතින ප‍්‍රධාන සාධකය වන්නේ අපනයනය වෙළඳපළ තුළ ලබාගන්නා වර්ධනය බව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිතුමා අපනයන වෙළඳපළ තුළ සිටින ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීම, මඟ පෙන්වීම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම රජයක වගකීම බවද ප‍්‍රකාශ කළේය.

     

    පසුගිය වසර කිහිපය තුළ අපගේ අපනයන සංවර්ධන මණ්ඩලය නමට පමණක් සීමා වූ බව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිතුමා විදේශ වෙළඳපළෙහි අපගේ අපනයන තත්ත්වයන් සීග‍්‍ර වශයෙන් පසුබැසීමකට ලක් වූ බවද කියා සිටියේය.

     

    අපනයන වෙළඳපළ තුළ පවතින අඩු පාඩු සහ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට සහ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලූදෙනා වෙනුවෙන් අවශ්‍ය වරප‍්‍රසාද සහ පහසුකම් ලබාදීමට නව රජය කැපවී සිටින බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ක‍්‍රමෝපායික ආර්ථික සංවර්ධන ක‍්‍රමවේදයන් පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය දැනුම සහ පහසුකම් ලබාදෙමින් අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා නව රජය යටතේ වෙනමම අමාත්‍යාංශයක් ද ස්ථාපිත කර ඇති බව ප‍්‍රකාශ කළේය.

     

    අපනයන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින්  සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ 21 වෙනි සම්මාන උළෙල මෙලෙස අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර අපනයන ක්ෂේත‍්‍රයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ව්‍යාපාරික ආයතන 24 ක් වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් සම්මාන ප‍්‍රදානය කෙරිණි.

     

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, අමාත්‍යවරුන්වන හරින් ප‍්‍රනාන්දු, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මන්ඩලයේ ප‍්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත් මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya