ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ක්ෂේත්‍රය වැඩිම ආදායමක් ලබාගන්නා කර්මාන්තයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා

    දෙසැම්බර් 17, 2015

    සංචාරක ක්ෂේත්‍රය ඉදිරි වසර දෙක, තුන තුළ මෙරට වැඩිම ආදායමක් ලබාගන්නා කර්මාන්තයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයේ
    අඳහස් දක්වමිනි.


    පසුගිය කාලයේ සංචාරක ක්ෂේත්‍රයේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, සහ දීර්ග කාලීන වැඩසටහනක් දකින්නට ලැබුණේ නෑ.මේ සුළු
    කාලය තුළ සංචාරකයන්ගේ වර්ධනයක් ඇති කරගන්න හැකි වී තිබෙනවා.ලක්ෂ 20ක් රටට පැමිණෙයි කියා බලාපොරොත්තු වුණා,
    වසර අවසාන වනවිට.ඒ වර්ධනය අප දකිනවා.


    ලක්ෂ 18කට වඩා සංචාරක පැමිණීමක් වාර්තා වෙනවා.මේ නිසා රටේ විශාල විදේශ විනිමයක් උපයා ගන්නට හැකි වෙනවා.ඩොලර්
    බිලියන තුනක් ආදායම ලෙස මේ වසර අවසානයේ බලාපොරොත්තු වෙනවා.

     

    මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වීමට හේතු වෙනවා. ලබන වසර වනවිට මිලියනයක් පමණ සංචාරක පැමිණීමක්
    වර්ධනය කරගත හැකි යැයි අප බලාපොරොත්තු වෙනවා.දැන් ශ්‍රී ලංකාව සංචාරකයින්ට සුදුසු දේශයක් බව ප්‍රචාරය වෙනවා යැයි ද
    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya