ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අසිරිමත් නත්තල සමරන්නට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 23, 2015

    ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකරන අසිරිමත් නත්තල සැමරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කර තිබූ සුහද හමුවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ සහභාගී විය.

    කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සුහද හමුව පැවති අතර එයට සහභාගී වෙමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා සදහන් කළේ ශ‍්‍රී ලංකාෙවි සාමය හා සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් ගරු ජනාධිිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට කතෝලික ජනතාවගේ පුර්ණ සහයෝගය ලැබෙන බවය. ඒ වෙනුවෙන් තම ආශිර්වාදය පුද කරන බව ද අගරදගුරුතුමා කියා සිටියේය.

     

    තමන් අමතක කරමින් අන්‍යයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සාමය ඇති කර ගත හැකි යැයි සදහන් ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම මෙහිදී සිහිපත් කළ උන් වහන්සේ, සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස නොබෙදී සාමය සදහා සියලූදෙනා අත්වැල් බැදගත යුතු බව මේ අසිරිමත් නත්තලේදී සිහිතබාගත යුතු යැයි ද සදහන් කළේය.

     

    පාසල් සිසුන් විසින් නත්තල සමරමින් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන්ම කැරොල් ගී ප‍්‍රසංගයක් පැවැත්වූ අතර දිවයිනේ ජනප‍්‍රිය ගායක ගායිකාවන් රැසක් ද මෙම ප‍්‍රසංගයට එක්වූහ.

     

    මෙම සුහද හමුව සදහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, එරාන් වික‍්‍රමරත්න, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අෙබිකෝන් විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya