ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ත‍්‍රස්තවාදින් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටිනවා – ජනපති පවසයි

    ජනවාරි 20, 2016
    2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සටන් බිමේ යුදමය වශයෙන් පරාජය වුවත්, මේ රටේ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමට ඔවුන් තුල තිබූ මතවාදය ඒ තුල පරාජය නොවූ බව පැවසූ ජනාධිපතිවරයා යුදමය වශයෙන් පරාජය වූ ත‍්‍රස්තවාදීන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටින බව පැවසීය.
    එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජය කැපවී කටයුතු කරද්දී රටේ ජාතික ආරක්ෂාව බිද දමා, රණවිරුවන් දුර්වල කිරීමට රජය කටයුතු කරන බවට ඇතැම් පිරිසක් චෝදනා නගමින් සිටින බවද ජාතික ආරක්ෂාව පිළිබද කටයුතුවලදී පටු දේශපාලන මතධාරින්ගේ සියලූ චෝදනා රජය දැඩිව ප‍්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  මහතාමේ බව ප‍්‍රකාශ කළේ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකළ පිහිනුම් තටාකය රණවිරු අයිතියට පවරා දෙමිනි.
     
    විරෝධාර රණවිරුවන් උපන් දේශය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට කෘතගුණ දක්වමින් රුපියල් මිලියන 15 කට අධික 
    වියදමක් දරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම පිහිණුම් තටාකය ඉදි කර ඇත.
     
    නව රජය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළයුතු වගකීම් පැහැර හරින හෝ ප‍්‍රමාද කරන රජයක් නොවන බව 
    මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එය පසුගිය කාලයටත් වඩා ශක්තිමත් ලෙස කි‍්‍රයාත්මක කිරීම අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.
     
    රටින් පිට සිටින එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදින් අපේ රටේ ඊළාම් රාජ්‍යයක් පිළිබද දකින අශිලාචාර සිහිනය බිද දැමීමට 
    ජාත්‍යන්තරයේ සියලූ සහාය අද ශී‍්‍ර ලංකාවට හිමිව ඇති බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මාතෘ භූමියට ද්වේෂ කරන, ඒකීය 
    භාවයට අභියෝග කරන රටින් පිට සියලූ කි‍්‍රයාකාරකම් මර්ධනය කිරීමට නව රජය කැපවී සිටින බවද කියා සිටියේය.
     
    යුද්ධය අවසන් කාලයේ සිදුවූවා යැයි චෝදනා කරන ඇතැම් සිදුවීම් හේතුවෙන් ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන් වෙත ලබාදුන් 
    පුහුණු අවස්ථාවන්ගෙන් සහ තාක්ෂණික සහයෝගයෙන් ලෝකයේ බොහෝ රටවල් ඉවත් වූ අතර තමා ජනාධිපතිවරයා 
    ලෙස පත්වීමෙන් පසුව එම රටවල රාජ්‍ය නායකයින්ගෙන් කරන ලද ඉල්ලීම අනුව එම අවස්ථාවන් නැවත ශී‍්‍ර ලංකා 
    හමුදාවන් වෙත හිමිව ඇති බව ද  පැවසීය.
     
    මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා රටට ස්ථීර සාර සාමයක් උදා කර දීම එදා යුධ බිමේ ජීවිත පරිත්‍යාග කළ සහ 
    අබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් රජයට දැක්විය හැකි ඉහළම උපහාරය බව ද ජනාධීපතිතුමා මෙහිදි ප‍්‍රකාශ 
    කළේය.
     
    රණවිරුවන් වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු සහ අර්ධ නිවාස හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු 
    විය.
     
    මිහිදු සෙත් මැඳුරේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන්ගේ සුව දුක්ද විමසීය.
     
    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාපති, නාවික 
    හමුදාපති ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya