විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කෙරිණි.
මෙම අවස්ථාවට ගංගාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, ජෝන් අමරතුංග, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු දෙස් විදෙස් බැතිමත්හු අති විශාල පිරිසක් එක්ව සිටියහ.



















