ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ධීවර කර්මාන්ත‍යේ දියුණුවට රජය යම් යම් සාධනීය පියවර ‍ගෙන තිබෙනවා

    ජූනි 04, 2014

    ධීවර කර්මාන්තය, කෘෂි කර්මා‍න්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය පියවර ‍ගෙන ති‍බෙන බවත් ධීවර කර්මාන්ත‍යේ දියුණුවට රජය යම් යම් සාධනීය පියවර ‍ගෙන ඇති නිසා අ‍පේ මත්ස්‍ය අස්වැන්න වර්ධනය වී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.


    රජයක් ‍වෙනස් ‍වෙන ‍කොට ‍වෙනස් ‍වෙන්නේ නැති ධීවර කර්මාන්තයකට අඩිතාලම සකස් කළ යුතුයි. වැව් සංවර්ධනය කිරීම මඟින් මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කළ හැකි ‍සේම ඒ මඟින් විශාල ආදායම් ද උපයා ගත හැකියි. මේ රජය කිසි වි‍ටෙක ධීවර ජනතාව අමතක කරන්නේ නැති බවත් ඔවුන්ගේ ජීවිත නගාසිටුවීමට දිය හැකි සෑම ‍දේම ලබා දෙන බවත් මන්තීවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya