ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් සන්ධාන මැයි රැළිය සාර්ථක කර ගැනීමට දේශපාලන පක්ෂ රැසක් ජනපති හා එක් වෙයි

    අප්‍රේල් 28, 2016

    නිදහස් සන්ධාන මැයි රැළිය සාර්ථක කර ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග දේශපාලන පක්ෂ රැසක් එක් වෙයි.

    ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරමින් ආරුමුගම් තොණ්ඩමන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය නියෝජනය කරමින් ප‍්‍රභා ගනේෂන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ 10 කට වැඩි සංඛ්‍යවක් නියෝජනය කරමින් එම පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ඊයේ (27)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළහ.

     

    ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ජාතික කොංග‍්‍රසය නියෝජනය කරමින් ජේ.එම්. වසිර්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ආරියවංශ දිසානායක, නව සිහල උරුමය නියෝජනය කරමින් සරත් මනමේන්ද්‍ර, කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඒ.එස්.පී. ලියනගේ, ලිබරල් පක්ෂය නියෝජනය කරමින් කමල් නිශ්ශංක, එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් පී.එච්.එස්. අජන්ත යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

     

    නිදහස් මැයි රැළිය සාර්ථක කර ගැනීමට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම උපරිම සහාය පළ කරන බව මෙහිදී මෙම පක්ෂ නායකයින් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කර කළහ.

     

    නව රජයේ වැඩපිළිවෙළ උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙන අතර රජයේ ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් එම ජනතාවගේ සහාය හිමිවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

     

    එමෙන්ම නිදහස් සන්ධාන මැයි රැළිය සාර්ථක කර ගැනීමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහාය ලබාදෙන බව ආරුමුගම් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya