ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීලනිප සැමදා යටත් විජිතවාදයට විරුද්ධව ජනතා අයිතීන් ආරක්ෂා කරනවා- ජනපති

    මැයි 01, 2016

    එදත්, අදත් යටත් විජිතවාදයට සහ අධිරාජ්‍යවාදයට විරුද්ධ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැමදා වැඩකරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (01) පස්වරුවේ ගාල්ල සමනල කි‍්‍රඩාංගණයේ පැවති නිදහස් සන්ධාන මැයි දින රැළිය අමතමිනි.

    වෘත්තීය සමිති නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ මෙන්ම අතිවිශාල ජනතාවකගේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් නිදහස් සන්ධාන මැයි දින රැළිය ඉතා සාර්ථක ලෙස ගාල්ල සමනල කී‍්‍රඩාගංණයේ දී පැවැත්විණි.

    කිසිදු වාද භේදයකින් තොරව රට ගොඩනැඟීමට එක්වන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලු දේශපාලන පක්ෂවලට මෙන්ම වෘත්තීය සමිති නායකයින්ට ආරාධනා කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණාත්මක, පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගමින් එය ජයග‍්‍රහණය කරා ගෙන යන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා රටට ආදරය කරන සියලුදෙනා ඒකරාශි කරගන්නා බව ද කියා සිටියේය.

    එක්සත් ජාතින්ගේ සංවිධානය තිරසාර සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කර ඇති ඉලක්කවල අටවෙනි ඉලක්කය ලෙස සඳහන්වන ශිෂ්ට ශ‍්‍රමය යන සංකල්පය වත්මන් රජය ඉතා ඉහළින් පිළිගන්නා සංකල්පයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජනතාවගේ ශ‍්‍රමය ලබා ගැනීම සඳහා සාධාරණ අවකාශයක් ලබා දීම සහ ශ‍්‍රමය ලබාගැනීමේදී අසාධාරණ ලෙස කටයුතු නොකිරීමේ එම ප‍්‍රතිපත්තිය තුළ කටයුතු කරන බවද කියා සිටියේය.

    එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට උතුරෙන් එන ෆෙඩරල් හඩ නුපුරුදු හඩක් නොවන බවද පැවසූ ජනාධිපතිතුමා ගැටලුවක් කර ගත යුත්තේ එම ෆෙඩරල් හඩ නොව එවන් හඩක් ඇතිවන්නේ ඇයි ද යන කාරණය බවද සඳහන් කළේය.

    ශක්තිමත් ජාතික සංහිඳයා පිළිවෙතක් තුළ රටේ සමෘද්ධිය ඇති කරමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් සුබවාදී රටක් ලෙස රට ඉදිරියට ගෙන යාමට කැපයන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස යෝජනා පහක් මෙහිදී සම්මත කරගනු ලැබූ අතර ජනාධිපතිවරයා ලෙස එම සියලු යෝජනා ඉතාම ගෞරවෙයන් පිළිගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    දිවයින පුරා පැවති මැයි දින රැළි 49 ක් අතරින් වැඩිම ජනතාවකගේ සහභාගිත්වයෙන් නිදහස් සන්ධාන මැයි රැළිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳව ද සතුට පළ කළ ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමට දායකවූ සියලුදෙනා වෙනුවෙන් සිය ස්තූතිය පුද කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya