ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බෞද්ධ නායකයන් හා ජනාධිපති ලේකම් අතර හමුවක්

    මැයි 10, 2016

    ලෝක ථේරවාදී සංඝ සභාව රටවල් 10 ක බෞද්ධ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණු අතර ඊට සහභාගී වූ බෞද්ධ නායකයන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා හමු විය.

    බෞද්ධ එකමුතුවල යන තේමාව යටතේ පැවති ලෝක ථේරවාදී සංඝ සභාව සඳහා ශ්‍රි ලංකාවල නේපාලයල බංගලාදේශයල ඉන්දියාවල මියන්මාරයල කාම්බෝජයල ලාඕසයල සිංගප්පූරුවල ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් 10 ක බෞද්ධ නායකයන් එක්ව සිටියහ.

    ලෝකයේ ථේරවාදී බුදුදහම පෝෂණය කිරීම සහ ප්‍රචලිත කිරීමත්ල ථේරවාදී බෞද්ධ රටවල් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කිරීමත් මෙහි මූලික අරමුණ වන අතර ලෝක ථේරවාදී සංඝ සභාව විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

    සංඝ සභාවේ තීන්දු තීරණ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව මෙම පිරිස මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම්තුමා වෙත තොරතුරු ඉදිරිපත් කළහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya