ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවේ සංහිදියා වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙනවා – ඉන්දීය අගමැති සහතික වෙයි

    මැයි 14, 2016

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයක් අනුව ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුව ඊයේ  (13) පස්වරුවේ හයිද්‍රාබාද් නුවර දී පැවැත්විණි.

    හයිද්‍රාබාද් හවුස් වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කතා බහකින් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහය ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිතුමාට සහතික විය.

    ඉන්දීය රජයේ සහාය ඇතිව බටහිර ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ශී‍්‍ර ලංකාව තුළ පිහිටුවීමට ද නායක දෙපළ අතර සාකච්ඡා විය.

    ශී‍්‍ර ලංකාවට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවලින් සියයට 80 ක්ම දැනට ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර මෙම ආයෝජන කලාපය පිහිටුවීම තුළින් එම බෙහෙත් ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ලැබෙනු ඇත.

    එමෙන්ම දෙරටේ ආර්ථික, වෙළඳ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද නායක දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    දෙරට අතර ආර්ථික කලාපයක් ඇති කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

    මාස 15 ක් වෙනි කෙටි කාලයක් තුළදී ජනාධිපතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර සිදු වූ 06 වන නිල හමුව මෙය වීම ද විශේෂත්වයකි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත් අතර අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරයේදීද, එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසි වාරයේදී, මෝල්ටාහි පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී , පැරිසියේ පැවති පරිසර සමුජවේදී ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර නිල සාකච්ඡා පැවැත්විණි.

    මේ අනුව දකුණු ආසියාවේ රටවල් අතර වැඩිම වාර ගණනක් රාජ්‍ය නායකයින් දෙදෙනා හමුවූ රටවල් දෙක ලෙස ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව හඳුන්වාදිය හැකි අතර එම හමුවීම් අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයන් ලෙස දෙරට අතර මිත‍්‍රත්වයන් තවදුරටත් ශක්තිමත් කර තිබේ.

    ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව ඉන්දීය අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු නියෝජිත පිරිස සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya