ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස්

    මැයි 16, 2016

    රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැළසීම සහ ඒ පිළිබඳ සොයා බැලීමට අදාළ අංශ ප‍්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැළසීමට ද නිළධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් ලබාදීම වෙනුවෙන් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන ලෙසට ද අදාළ අංශ දැනුවත් කර ඇත.

    සිදුවිය හැකි යම් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට සහ පොලීසිපතිවරයාට ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව දැණුවත් කිරීම සඳහා විධිමත් වැඩපිළවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙසත්, මුහුණදීමට සිදුවන අසීරුතා පිළිබඳ මහජනතාවට නිලධාරින් දැණුවත් කළ හැකි ක‍්‍රමවේදයක් සැකසීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya