ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශවල සංචාරය කළ බව කී අග්‍රාමාත්‍යවරයා,ගම්පහ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයට වඩා ජලයෙන් යටවී තිබෙන බවත් විශාල නාය යෑමක් අරණායක ප්‍රදේශයේ සිදුව තිබෙන බවත් පැවසී ය.
මේ පිළිබඳව හොඳ වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් පහත් බිම් ගැන අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
අද වැනි රණවිරු දිනයක මේ ජීවිත බේරාගැනීමට රනවිරුවන් ක්‍රියා කරනවා.අලුත් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. නාය යෑම නිසා ජීවිත අහිමි වූ සියලු පවුල්වලට කණගාටුව පළ කරනවා. අපි ආපදා අමාත්‍යාංශය ශක්තිමත් කළ යුතුයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.