ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආධාර ලබාදෙන්නට පැමිණි සියලු දෙනාටම ස්තූතිය පළ කරනවා

    මැයි 25, 2016

    ආපද තත්ත්වය ඇති වීමෙන් අනතුරුව ආධාර ලබාදෙන්නට පැමිණි රාජ්‍ය සේවයේ සියලු දෙනාටමත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය,ආගමික සංවිධාන,ස්වෙච්ඡා සංවිධාන,සියලු දෙනාටම,විදේශ රටවලට ස්තූතිය පළ කරන බවත් අරණායක ප්‍රදේශයට අලුත් නිවාස ලබාදෙන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි.

     

    ආපදා හේතුවෙන් ජීවිත අහිමි වූ සැම වෙනුවෙන් කණගාටුව පළ කරනවා.මෙවැනි ගංවතුරක් කාලයකට පස්සේ ඇවිත් තියෙන්නේ.අරණායක ඇතුළු ප්‍රදේශ කීපයක නාය යෑම සිදු වුණා. කැළණි ගඟ දෙවුරේ ඇති වූ ගං වතුර තත්ත්වය,අපිට කරන්න තිබෙන්නේ, අපිට මේ ක්‍රමවේදනයේ අඩුපාඩුකම් තිබුණා.කාලයක් තිස්සේ ආපදා කළමනාකරණය නිසි ලෙස ක්‍රියාත්මක වී තිබුණේ නෑ.අපි හොඳ ආපදා කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කරල,අලුත් නීතියක් ඉදිරිපත් කරන්නට වෙයි.

    මේ වෙලාවේ ආධාර ලබාදෙන්න ආව රාජ්‍ය සේවයේ සියලු දෙනාටමත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය,ආගමික සංවිධාන,ස්වෙච්ඡා සංවිධාන,සියලු දෙනාටම,විදේශ රටවලට අපේ ස්තූතිය පළ කරනවා.

    ගංවතුර බැහැගෙන යන අවස්ථාවේ දි අපි බලන්න තියෙන්නේ වන්දි ලබාදෙන එක රජයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා මුණගැසිලා,මේ පිළිබඳව විශාල සැලැස්මක් ඇති කරලා තිබෙන්නේ.

    අරණායක ප්‍රදේශයට අලුත් නිවාස ලබාදෙන්නට තිබෙනවා.අනගතයේ දී නාය යෑමට ලක් වූ අනෙක් ප්‍රදේශවලත් අපේ අවධානය යොමු කරන්න ඕන. කැලණිය යට වූ ප්‍රදේශයේ සිටින කුඩා වෙළඳුන් සඳහා ආධාර උපකාර කරන්නට, විගසින් ව්‍යාපාර ආරම්භ කරන්න,සමහර ප්‍රදේශවල  නිවාස ඉදිකිරීම නවත්වන්න වෙයි.අලුත් සැලැස්මක් ඇති කරන්නට අවශ්‍යයි,ඒ පිළිබඳව වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.අපිට විපක්ෂයෙනුත් ආධාර ලැබුණා.හිටපු ජනාධිපතිතුමත් මේ ගැන සොයා බැලුවා.අනාගත වැඩ සැලැස්මට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වී කටයුතු කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya